• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර් ජාතික ජාලයෙහි 17 වන මෙහෙයුම් කමිටු රැස්වීම හා සම්මන්ත්‍රණය
- වී වගා බිම්වල පාරිසරික පද්ධතියේ තිරසරතාව පිළිබඳව අවධානය යොමු කරමින් නිසි ජල කළමනාකරණයක් පවත්වා ගැනීම මූලික අරමුණ කර ගනිමින් 'වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර් ජාතික ජාලය' 2004 වසරේදී පිහිටුවා ඇත. එම සංසදයේ 17 වන මෙහෙයුම් කමිටු රැස්වීම හා වාර්ෂික සමුළුව එකී සංසදයේ සාමාජික රටවල් හා නියෝජිත ආයතනයන්ගේ සහභාගිත්වයෙන් 2020 වසරේ නොවැම්බර් මස කොළඹදී පැවැත්වීමට සහ ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.