• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රක්තහීනතාවය සහ රක්තහීනතාවය සම්බන්ධ ගැටලු අඩු කර ගැනීම සඳහා සුලභව භාවිතා කරන ප්‍රධාන ආහාර යකඩ සහ ෆෝලික් අම්ලය යොදා සබලකරණය කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ලබා දී තිබූ අනුමැතිය අනුව සහල් හා තිරිඟු පිටි වලට යකඩ හා ෆෝලික් අම්ලය එකතුකර සබලකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කර ඇත. ඒ අනුව, යකඩ හා ෆෝලික් අම්ලය යොදා සහල් හා තිරිඟු පිටි ඇතුළු ප්‍රධාන ආහාර සබලකරණය, පාසල් දිවා ආහාර වැඩසටහනෙහි මෙහෙයුම් තක්සේරුකොට ඇගයීමකට ලක් කිරීම සහ සබලකරණය කරන ලද සහල් ඇට රට තුළ නිෂ්පාදනය කිරීම ඇතුළු එකී කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.