• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මනෝවිද්‍යා සංගමය සංස්ථාගත කිරීම
- ශ්‍රී ලංකා මනෝවිද්‍යා සංගමය සංස්ථාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඒ අනුව, නීති ‍සම්පාදනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සහ භාෂාත්‍රයෙන් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම පිණිස, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.