• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය මඟින් විදේශ ආයතන සමඟ ඇති කරගැනීමට නියමිත ප්‍රදාන ගිවිසුම්
- පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ තායිලන්තයේ තාක්ෂණය පිළිබඳ ආසියානු ආයතනය අතර දත්ත විද්‍යාව හා කෘත්‍රීම බුද්ධිය පිළිබඳ විෂය මාලා සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රදාන ගිවිසුම් දෙකකට ද, කොළඹ විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රියාවේ ග්‍රාස් විශ්වවිද්‍යාලය අතර දකුණු ආසියාව සඳහා කාලීන ඉගැන්වීම් කුසලතා සම්බන්ධයෙන් ප්‍රදාන ගිවිසුමකටද, කැලණිය විශ්වවිද්‍යාලය සහ ඉම්පීරියල් විද්‍යාලයේ විද්‍යාව, තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණ කාර්යාලය අතර ද්‍රව්‍ය හුවමාරුව සම්බන්ධයෙන් වූ ප්‍රදාන ගිවිසුමකටද එළඹීම සඳහා එකී විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරුන්ට බලය පැවරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.