• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් පනත් කෙටුම්පත - 2019
- 2019 අයවැයෙහි ඇතුළත් වූ ආදායම් යෝජනාවන්හි ඇතුළත් සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා, මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද අය කිරීමට අදාළ ව, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ, මෝටර් සයිකල, මෝටර් ට්‍රයිසිකල, ත්‍රීරෝද රථ ආදී මගී ප්‍රවාහන රථද, ලොරි රථ, ට්‍රැක්ටර්, අත්ට්‍රැක්ටර්, ට්‍රෙලර් ආදී භාණ්ඩ ප්‍රවාහන වාහනද, ගිලන් රිය හා අවමඟුල් රථ යනාදී වාහන හැර වෙනත් ඕනෑම වාහනයක් ඇතුළත් වන පරිදි 'නිශ්චිත ව සඳහන් කරන ලද මෝටර් වාහනය' යන්නෙහි අර්ථ නිරූපණය සංශෝධනය කිරීම සඳහාත් ණයපත් හා හරපත් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට කරන ගෙවීම් මත 3.5% ක විදේශ වාණිජ ගනුදෙනු මත අයබද්දක් පැනවීම සඳහාත් 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.