• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතුරු සම්මත ගිණුම - 2020
- 2019 වර්ෂය අවසාන භාගයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට යෙදී ඇති බැවින්, ඉන් පසු ව පත් වන නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව හා රජයේ නව ප්‍රතිපත්ති මූලික කර ගනිමින් 2020 සඳහා අයවැය සකස් කිරීමට හැකි වන පරිදි, 2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා 2020 වර්ෂයේ මුල් මාස 04ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සකස් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කිරීම පිණිස මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.