• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුලි තාක්ෂණ සේවකයින්ට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම
- නිසි ප්‍රමිතියෙන් යුත් විදුලි පද්ධති ඉදිකිරීම තුළින් විදුලි පාරිභෝගිකයන් හට ආරක්ෂා සහිත සේවයක් ලබා දීම මෙන්ම විදුලි කාර්මිකයන් විධිමත් වෘත්තිකයන් ලෙස හඳුනාගනිමින් ඔවුන්ට වැඩි රැකියා අවස්ථා හා ඉල්ලුමක් ඇති කිරීම අරමුණු කොටගෙන විදුලි තාක්ෂණ සේවකයන් (විදුලි කාර්මිකයන්) සඳහා වෘත්තීය බලපත්‍ර ක්‍රමයක් 2019 අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමත්, එම බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නැගීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ආයතනයට බලය පැවරීමත් සහ එය අධීක්ෂණය සඳහා අදාළ ආයතනවල සාමාජිකයන්ගෙන් සමන්විත 'විදුලි කාර්මික වෘත්තීය බලපත්‍ර ක්‍රමය බලාත්මක කිරීමේ හා සමාලෝචනය කිරීමේ කමිටුව' පත් කිරීමත් පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ඇමතිතුමා; මුදල් ඇමතිතුමා; සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.