• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රජය සහ කාම්බෝජ රාජධානියේ රජය අතර අවබෝධතා ගිවිසුම
- සමාන හා අන්‍යොන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීම තුළින් දෙරට අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා, සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ කාම්බෝජ රාජධානිය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම වෙනුවෙන් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.