• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැනට පවතින කඩොලාන භූමි සංරක්ෂණය කිරීම හා ඉස්සන් වගාව සහ ලුණු ලේවායන් වැනි කටයුතු සඳහා භාවිතා කර අත්හැර ඇති රජයට අයත් කඩොලාන ඉඩම් පුනරුත්ථාපනය කිරීම
- රජයට අයත්, කඩොලාන සහිත, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් වෙනත් සංවර්ධන කාර්යයන් සඳහා නිදහස් නොකිරීමටත්, ජලජීවී වගාව සඳහා දැනට හඳුනාගෙන ඇති ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් විධිමත් අධ්‍යයනයක් සිදු කර ඒ අනුව එම ඉඩම් නිදහස් කිරීම පිළිබඳ ව තීරණයකට එළඹීමටත්, ජලජීවී වගාවන් හා ලුණු ලේවායන් වැනි කාර්යයන් සඳහා රජය මගින් බදු ගිවිසුම් යටතේ ලබා දී ඇති ඉඩම්වලින් අදාළ කාර්යය සඳහා යොදා නොගෙන අත්හැර දමා ඇති ඉඩම් සඳහා ලබා දී තිබූ ඉඩම්වල බදු ගිවිසුම් තවදුරටත් දීර්ඝ නොකර එම ඉඩම් කඩොලාන වනාන්තර ස්ථාපනය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා ඉඩම් කොමසාරිස් ජනරාල්ට නියෝග කිරීමටත් සහ දැනට පවත්නා කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර 10,000 කින් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ දෙපාර්තමේන්තුවලට දැනුම් දීමටත් යෝජනා කරමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.