• Increase font size
  • Default font size
  • Decrease font size



2020-03-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ (MRIA) තුළ ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කිරීම සඳහා අක්කර 200 ක භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීම
2 ඇපයෙන් සීමිත සී.එෆ්.සී.ෆවුන්ඩින් සමාගම විසුරුවා හැරීම
3 මාලබේ, තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ පිහිටි ඉඩම් කොටසක් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය වෙත වෙන් කර දීම
4 ජාතික වෘත්තීය සුදුසුකම්ලාභීන් සඳහා 'නිපුණතා බලපත්‍රයක්' නිකුත් කිරීම
5 ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා යෝජිත ඉඩම මිල දී ගැනීම සහ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම
6 යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
7 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂය සඳහා නොමිලයේ බෙදා හරිනු ලබන පාසල් පෙළපොත් මුද්‍රණයෙන් 45%ක කොටසක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනැමීම
8 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හා ක්‍රීඩා ඇකඩමිය ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීම
9 සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු වාලච්චේන කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු විවිධාංගීකරණ ව්‍යාපෘතියක් වශයෙන් නැවත ආරම්භ කිරීම
10 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා දීප ව්‍යාප්ත විදුලි සංදේශ පද්ධතිය ප්‍රසම්පාදනය කිරීම
11 දේශීය වශයෙන් නිපදවන කේබල සහ සන්නායක වර්ග ලංකා‍ විදුලිබල මණ්ඩලය සහ එයට අනුබද්ධ ආයතන සඳහා මිලදී ගැනීමේදී දේශීය නිෂ්පාදකයින්ට ප්‍රමුඛතාව ලබා දීම
12 විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය - පැකේජ 7 ලොට් A2 : බියගම ග්‍රිඩ් උපපොළෙහි ස්ථිතික Var පද්ධතියක් (±100 MVar) ස්ථාපනය කිරීම
13 පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020 - අග්‍රාමාත්‍යවරයා හා සෙසු අමාත්‍යවරුන් විසින් සිය පක්ෂය/අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා නිල වාහන හා නිල නිවාස භාවිත කිරීම හා ඒ සම්බන්ධයෙන් රජයට මුදලක් ගෙවීමේ අවශ්‍යතාව
14 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2020 (අප්‍රේල්)
15 ගෝලීය ආර්ථිකයට COVID - 19 සමඟ එල්ල වූ අභියෝග හමුවේ ආර්ථිකය පාලනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.