• Increase font size
  • Default font size
  • Decrease font size



2016-03-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික සමඟිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය විසින් දිස්ත්‍රික්ක මට්ටමින් ද්විභාෂා/ත්‍රිභාෂා හැකියාවන් සහිත සම්පත්දායකයින්ගේ දත්ත සංචිතයක් ස්ථාපිත කිරීම
2 ත්‍රිවිධ හමුදාවන්හි මානව සම්පත ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීම
3 විදේශ නිලධාරින් හට ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා පුහුණු අවස්ථා ලබා දීම
4 ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ එම ජිවී විශේෂ පාලනය හා කළමනාකරණය සඳහා උපායමාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම
5 ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් රජයේ සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සැපයෙන අග්‍රහාර ප්‍රතිලාභ සංශෝධනය කිරීම
6 ජාතික රක්ෂණ භාර අරමුදල විසින් ජාතික කෘෂිකාර්මික ණය සුරැකුම් යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීම
7 ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා 'ඩිජිටල් අලෙවිකරණ' උපායමාර්ග යොදා ගැනීම
8 'විරුසර' වරප්‍රසාද කාඩ්පත ලබා දී ඇති ආබාධිත රණවිරුවන් සඳහා සහනදායී දුම්රිය ගාස්තු අය කිරීම
9 සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) යටතේ, මහාද්වීපික තටකය පිළිබඳව ශ්‍රී ලංකාව විසින් මහාද්වීපික තටකයේ සීමා පිළිබඳ කොමිෂන් සභාව වෙත (CLCS) කරුණු ඉදිරිපත් කිරීමට අදාළ කාර්යභාරය සඳහා වි‍ශේෂඥ කමිටුවක් පත් කිරීම
10 ජාතික විද්‍යා මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම
11 ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ජාතික පර්යේෂණ සභාව ස්ථාපනය කිරීම
12 ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම සහ චීන ජාතික ස්වාභාවික විද්‍යා පදනම අතර එළඹීමට නියමිත අවබෝධතා ගිවිසුම
13 විදුලි ඉල්ලුම් කළමනාකරණය, විදුලිබලය කාර්යක්ෂම භාවිතය සහ සංරක්ෂණය පිළිබඳ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම
14 1917 අංක 9 දරන භාර ආඥා පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත
15 කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරියක් පිහිටුවීම සඳහා වූ කාර්යසාධක බලකාය
16 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ලිහිසි තෙල් හා ස්නේහක ප්‍රසම්පාදනය කරගැනීම
17 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල ටයර් සඳහා පෙර සවි හා පිරිසැකසුම් සේවා ලබා ගැනීම ප්‍රසම්පාදනය කිරීම
18 දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට මාදුරුගොඩ දක්වා B 157 (නැ‍ඟෙනහිර) මාර්ගය පුනරුත්ථාපනය කිරීම
19 බොරතෙල් සහ පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන සැලැස්ම - 2016
20 2016 අයවැය යෝජනා අනුව පොහොර මිල දී ගැනීමට ගොවීන්ට මුදල් ලබා දීම
21 ශ්‍රී ලංකාව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා වන එකඟතාවයන් පිළිබඳ ගිවිසුම අපරානුමත කිරීම
22 මෑතකදී සිදුවූ විදුලිය බිඳ වැටීම් සහ බාධාවකින් තොරව විදුලිය සැපයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.