• Increase font size
  • Default font size
  • Decrease font size

2024-03-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත මෙගාවොට් 100, ඔඩ්ඩමාවඩි, මඩකලපුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපනය කිරීම
- පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන්ගෙන් මෙගාවොට් 50ක් හෝ ඊට වැඩි ධාරිතාවක් සහිත පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය උදෙසා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට 2021-08-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ඉදිරිපත් වූ අභිලාෂය ප්‍රකාශ කිරීම් සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සඳහා ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත මඩකලපුව ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය Solar Forge Batticaloa වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.