2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය |
සියවස් දෙකකට පෙර නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ හයක් ආපසු භාර ගැනීම - සියවස් දෙකකට පෙර නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ හයක් නැවත ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීම පිණිස අවශ්‍ය සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා 2023-06-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පැවැති සාකච්ඡාවලින් අනතුරුව නෙදර්ලන්ත රජය විසින් එකී කෞතුක භාණ්ඩ 06 ශ්‍රී ලංකාව වෙත නැවත භාර දීමට කටයුතු කරනු ලබන බව එරට රජයේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී කෞතුක භාණ්ඩ නැවත භාර ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාව පළ කිරීමේ නෛතික ලේඛනයකට සහ එකී කෞතුක භාණ්ඩ භෞතිකව මෙරටට රැගෙන එනු ලබන තෙක් නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාරයේ රඳවා තැබීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |